
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික හා වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලි බලය ලබාදීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතර හමුවක් ඊයේ(06) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
එම හමුවේදී ඉදිරිපත් කෙරුණු යෝජනා කැබිනට් මණ්ඩලයට යොමුකිරීම සඳහා නව යෝජනාවක් සකස් කිරීමට හමුවක් අද(07) උදැසන විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී පවත්වා ඇත.
එහිදී ගත් තීරණවලට අනුව විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා කළ සහ යෝජනා කරන විසදුම් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.
එම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය ඇමැති ඩී.වී. චානක සහ විදුලිබල මණ්ඩලයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart