
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර හමුවක් නොවැම්බර් 17 වන දින මොස්කව්හිදී සිදුවන බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවාය.
ඇය පැවසුවේ එම හමුවේදී දෙරට අතර වත්මන් සහ අනාගත දේශපාලන සහයෝගීතාව සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ රුසියානු සංචාරයට සමගාමිව මෙම විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුව සිදුවීමට නියමිතව තිබේ.
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක මණ්ඩල රැස්වීම සඳහා තම ඉන්දියාවේ නිල නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස අමාත්‍ය ජයිශංකර් මොස්කව් වෙත පැමිණීමට නියමිතයි.
එම හමුවේදී දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපළ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන කරුණු සමාලෝචනය කරනු ඇති බව ද සකාරෝවා සඳහන් කළාය. SCO, BRICS සහ 20 කණ්ඩායම (G20) තුළ සහයෝගීතාවය ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර සහ කලාපීය කරුණු පිළිබඳව ද ඔවුන් අදහස් හුවමාරු කර ගනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart