
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු කාන්තාවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ලැබුණු තොරතුරකට අනුව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ජූනි 20 වැනිදා බම්බලපිටිය, ඕෂන් ටවර් (Ocean Tower) හි පිහිටි පරිශ්‍රයක මෙම වැටළීම සිදුකර ඇත.
එම ආයතනය කළමනාකරණය කළ බවට සැකකෙරෙන කාන්තාවක සහ ගණිකා වෘත්තියේ නිරත වූ බවට සැකකෙරෙන කාන්තාවන් පස්දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් බම්බලපිටිය පොලිසිය වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් දේශීය සැකකාරියන් 27, 35 සහ 38 යන වයස්වල පසුවන ඇල්ලගාව, කලවාන සහ ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් වේ.
එහිදී අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 34, 41 සහ 43 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart