
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙදරු මවක වූ බිරිඳට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට තල්ලුකර දමා භූමිතෙල් වත්කොට සිරුරට ගිනිතබා බරපතළ තුවාල සිදුකර මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ නොච්චියාගම, පහළ මාරගහවැව, තම්මන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටය.
2010 වසරේ ජනවාරි මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් තම්මන්නාවදී සිය බිරිඳට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබා බරපතළ තුවල සිදුකර ඇය මරා දැමූ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබිණි.
විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය සඳහන් කළේ, මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවය.
මෙම නීති කෘත්‍යයේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමුකර තිබිණි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි අජිත් ජයසේන ඇතුඑ 12 දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණයේ එවකට හිටපු රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි පෙනීසිටි අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියේ රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස්ය.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart