
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව ඇති විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම සදහන් කරමින්, දුරකථන ඇමතුම් මගින් කටුනායක ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය එල්ල කර, කප්පම් මුදල් ලබා ගැනීමට තැත්කළ පුද්ගලයකු ඊයේ රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම පුද්ගලයා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළකු ලෙස කළක් සේවය කළ මාතර, තිහගොඩ, බටුවිට ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එක්දරු පියෙකි .
ඔහු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය අවට තාවකාලික නේවාසිකාගාරයක තාවකාලිකව නවාතැන් ගෙන කුලී රැකියාවල නිරතව තිබේ .
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් මේ පිළිබඳව ලැබී තිබූ පැමිණිළි මත ඔහු ඇවරිවත්ත නගරයේ ගැවසෙමින් සිටියදී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්පසුව සිදුකළ මූලික විමර්ශන වලදී මොහු එවැනි විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයකු නොවන බවට කරුණු අනාවරණය වී ඇති අතර, තමන් ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක අපරාධ හෙළිදරව් කරන වැඩසටහනක් ශ්‍රවණය කිරීමෙන් පසුව මෙසේ කිරීමට පෙළඹුණු බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ .
ඔහු මෙසේ ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කළ ජංගම දුරකථනය සහ සිම් කාඩ්පතද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart