
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෙවනගල නෙළුම්වැව ප්‍රදේශයේ නිවසකට සුනඛයින් ඇතුළුවීම වැළැක්වීම සඳහා සවි කර තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිසැර වැදීමෙන් 34 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සිය බිරිඳ අසනීපයෙන් පසුවන බැවින් නිවසට සුනඛයින් ඇතුළුවීම වැළැක්වීම සඳහා මියගිය පුද්ගලයාගේ පියා විසින් අදාළ නිවස වටා තාවකාලික බාධකයක් ලෙස මෙම අනාරක්ෂිත විදුලි රැහැන සවිකර ඇති බවයි.
මියගිය පුද්ගලයා ඒ අසල වෙනත් නිවසක පදිංචිව සිට ඇති අතර අසනීපව සිටින තම මවට දිවා ආහාරය ලබාදීමට නිවසට ගිය අවස්ථාවේදී කම්බියේ ගැටීමෙන් විදුලි සැර වැදී තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart