May 5, 2026

දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් තම 35 හැවිරිදි දියණිය ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

බෝසිරිපුර ප්‍රදේශයේදී ඊයේ(4) මෙම ඝාතනය සිදුව ඇත.

පියා විසින් යකඩ පොල්ලකින් පහරදීමෙන් දියණිය බරපතළ තුවාල ලබා ඇති බවත් ඇය නාගොඩ රෝහලට ඇතුළත් කළ පසුව මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

ඉඩම් අයිතිය සම්බන්ධයෙන් පවතින ආරවුලක් උත්සන්න වීම හේතුවෙන් සැකකරු මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.

සැකකරු දැනට පොලිස් භාරයේ පසුවෙයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කාන්තාවගේ මළ සිරුර කළුතර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.