
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඇමැති මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.
සිය නීතිඥයා මගින් මෙම එන්තරවාසිය යොමුකරමින් ඔහු දැනුම්දී ඇත්තේ දින 14ක් ඇතුළත එම වන්දි මුදල නොගෙවන්නේ නම් එම මුදල සහ ඒ මත නෛතික පොලිය අය කර ගැනීමට නඩු පවරන බවයි.
සිය සේවාදායකයා වන මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් 2024 අප්‍රේල් 22 වැනි දින ඇමැතිවරයා පළ කළ අදහස් අසත්‍ය බව නීතිඥ ජයමුදිතා ජයසූරිය එම එන්තරවාසියේ සඳහන් කර තිබේ.
“නිකන්ම රස්තියාදු කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන්නේ, ඒක සම්පූර්ණ අනීතිකයි. ඒ වගේම අධිකරණයට අපහාස කිරීම, එතනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නෑ. වැඩ බලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණට අපහාසයක් කරලා තියනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. ඒ වගේම ඊයේ තිබුණු අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත්වීම කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත්කරලා තියෙන ඒ ආරක්ෂක කණ්ඩායම. කණ්ඩායමකට එන්න දීල නෑ, තර්ජනය කරලා තියෙනවා. පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය දැන් වෙන්දේසි කරනවා. දැන් පසු ගිය දවස් වල එතුමා මුන ගැසුණා ලංකාවේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලනවා කියල ප්‍රකාශයට පත් වෙච්ච, ඒ වෙලාවේ මෙතුමාගේ ඉල්ලීම මොකද්ද? මිලියන සීයක් එතුමාට තරග කරන්න මේකට දෙන්න කියලා, අපි ඒක විමසුවා පක්ෂයේ හිටපු සභාපතිවරයා හමුවුණු වෙලාවක මෙහෙම හමුවීමක් සිදු උනාද කියලා, ඔහු එය පිලිගත්තා. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් එහෙම කට අරගෙන කිවුවේ ආණ්ඩුවේ අය ඉන්න නිසාය කියලනේ අපිට චෝදනා කලේ. දැන් එතුමා රෙදි ඇඳගෙනද දන්නේ නෑ මහාචාර්යකමේ ඉඳගෙන කතා කරන්නේ. දැන් ඇමතිවරයෙක් නෙමෙයිද පත් කරලා තියන්නේ. එතකොට මහාචාර්යතුමාට කියක් හමු වෙලාද මේ කටයුත්ත යෝජනා කරන්න. මේක ස්ථිරකල එක්කෙනාට කොච්චර හම්බුනාද? නඩු හාරසිය ගාණක් තියෙන පුද්ගලයෙකුගේ ළඟ අධිකරණ ඇමතිවරයා වාඩි වීමම රටේ ජනතාවට ප්‍රශ්නයක් , අපෙන්ම අහනවා. ” යනුවෙන් ඇමැතිවරයා කළ ප්‍රකාශය එන්තරවාසියේ උපුටා දක්වා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පැමිණ එම පක්ෂයේ බොහෝ තනතුරු දැරූ තැනැත්තකු වශයෙන් ඉහත සදහන් ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක් බව දැන දැනම එම ප්‍රකාශය සිදුකර ඇති බව නීතිඥ ජයමුදිතා ජයසූරිය එන්තරවාසියේ සඳහන් කර ඇත.
ඇය පවසන්නේ සිය සේවාදායකයා කිසිදු තැනැත්තකුගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොමැති අතර ඔහු වංචා දුෂණ චෝදනාවලට ලක්ව නොමැති අයකු බවයි.
ඇමැති අමරවීර විසින් ඉතා වෛරී සහගත සහ ද්වේශ සහගතව එම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරිම සහ පළ කිරීම නිසා සිය සේවාදායකයාට දැඩි චිත්ත පීඩාවන්වලට මුහුණ දීමට සිදුව ඇති බව ද ඇය සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම රුපියල් මිලියන 1000ක වන්දි මුදල ඉල්ලා සිටින බව නීතිඥ ජයමුදිතා ජයසූරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart