
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිවිල් ඉංජිනේරුවරයෙක් විසින් නීති විරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සමඟ බැරල් 12ක බහා තිබූ ගෝඩා ලීටර් 2400ක් සහ කසිප්පු බෝතල් 200ක් අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය සඳහන් කරයි.
කැළණි ගංගාවට මායිම්ව, හේකිත්ත ක්‍රිස්තුරාජ මාවතේ පිහිටි රුපියල් 50,000ක මාසික මාසික කුලියට ගත් නිවසක සිට මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත.
නිවසේ මාසික විදුලි බිල සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ප්‍රධාන සැකකරු වූ සිවිල් ඉංජිනේරුවරයා විසින් ගෙවා ඇති බව විමර්ශන කටයුතුවලදී හෙළිව තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් 38 හැවිරිදි අයෙක් ගාල්ල ප්‍රදේශයේද, 28 හැවිරිදි අනෙක් පුද්ගලයා හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
යූ ටියුබ්, බලා ලබාගත් ප්‍රාථමික දැනුමක් අනුව විදුලිය උපයෝගී කරගනිමින් පවත්වාගෙන ගොස් ඇති මෙම ස්කාගාරයේ සිදුකොට ඇති නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ සියලු ක්‍රියාකාරකම් සිදුව ඇත්තේ සැකකාර සිවිල් ඉංජිනේරුවරයා විසින් සකස්කළ සැලැස්මකට අනුව බව විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.
ඔහුගේ සැලැස්ම කලෙක සිට විද්‍යානුකූලව නවීන ක්‍රමයකට ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සදහන් කරයි.
මෙම මත්පැන් ව්‍යාපාරය කරගෙන යෑම සඳහා කැළණි ගඟෙන් පොම්ප කර ජලය ලබාගෙන ඇත.
කසිප්පු නිෂ්පාදනයේදී පිටවන මීතේන් වායුව නවීන විද්‍යානුකූලව ඉතා සුක්ෂම ලෙස බට මඟින් පොළව යටට යැවීමට කටයුතු යොදා තිබූ බව පොලිසිය පවසයි.
මෙයින් කසිප්පු පෙරීමේදී එන ගඳ සුවඳ අවට ප්‍රදේශවාසීන්ට දැනීම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට සැකකරුවන් සමත් වී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart