
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දික්කසාද නඩුවකින් වන්දි මුදල් ලබා දීමේ පොරොන්දුව මත කාන්තාවකගෙන් රුපියල් රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාති උසාවියේ විනිසුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ මාතලේ මණ්ඩාවල කාති උසාවියේ විනිසුරුවරයකු සිය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි.
මොහොමඩ් රිස්නා නැමැති කාන්තාව විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම කාන්තාව විසින් අදාළ මුදල ලබා දෙන අවස්ථාවේදී උසාවියේ විනිසුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාමුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීමය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු මාතලේ පොලීසියට බාරදී තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් කාති උසාවි විනිසුරුවරයා 77 වැනි වියේ පසුවන බව මාතලේ පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart