
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් තිදෙනකු අසනීපවීම නිසා එම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කිරීමට තීරණය කර ඇත.
මෙම රෝහලේ වෛද්‍යවරුන් පස්දෙනකුගෙන් සමන්විත වුවද ඉන් එක් වෛද්‍යවරියක් ස්ථාන මාරු වීම් ලබා ගොස් ඇති අතර තවත් වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වන බවට ලිපියක් ලබා දී තිබේ.
තවත් වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් අසනීප වී ලෙඩ නිවාඩු දමා ඇත.
වෛද්‍යවරුන් සිවුදෙනකුගේ සේවය දින 09ක් පුරා දිවා රාත්‍රි නොකඩවා සිදුකළ ප්‍රධාන වෛද්‍ය රංජිත් දිසානායකද අසනීප වී පෙරේදා (16 වැනිදා) නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ නිසා බාහිර රෝගී අංශයේ පමණක් වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන අතර නේවාසික ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ තාවකාලිකව මෙම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කළ බවය.
කෙසේ වෙතත් මෙම රෝහලේ දිනකට රෝගීන් 15ත් 25ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බාහිර රෝගී අංශයේ දිනකට රෝගීන් 150ක් පමණ ප්‍රතිකාර ලබන බව පැවසේ.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart