
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලදී හෙළිදරව් වෙමින් ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඉකුත් දා පැවැති ජනහමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක අදහස් පළ කළේය.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ රටම බලාසිටින පරීක්ෂණයක ඉදිරි විමර්ශන දියත් කෙරෙමින් පවතින බවයි.
එම ඉදිරි පියවර ඉතා සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.
එබැවින් එම පරීක්ෂණවල ඇතැම් තොරතුරු ජනතාවට ඉක්මනින් හෙළිදරව් කිරීමට නොහැකි වනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි පුද්ගලයින් මේවනවිට කතා කිරීමට පටන් ගෙන ඇති බව සහ සාක්ෂි ලබාදීමට බිය වූ පුද්ගලයින් මේවනවිට සාක්ෂි ලබාදෙමින් සිටින බවයි.
විමර්ශන නිසි අයුරින් ක්‍රියාත්මක වන බවත් ජනතාවට තමන් ඒ සම්බන්ධයෙන් සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart