
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විනාඩි 14ක කාලයකින් කිලෝමීටර දෙකක දුරක් පාගමනින් ගිය මස්කෙළිය සෙන් ජෝශප් දමිළ විදුහලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන විග්නේෂ්වරන් ශස්මිකා දැරිය පෙරේදා (31) ගින්ස් වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.
ඇය මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ බ්‍රවුන්ලෝ වතුයායේ හින්දු කෝවිල අසල සිට මස්කෙළිය පොලිස් ස්ථානය දක්වා කිලෝමීටර දෙකකට අධික දුරක් විනාඩි 14කින් පාගමනින් ගොස් මෙම ගිනස් වාර්තාව පිහිටුවීමට සමත් වී ඇත.
පාසල් දැරිය පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබීම අධීක්ෂණය කිරීම සඳහා ගිනස් වාර්තා අධීක්ෂණ කමිටුවේ මෙරට නියෝජිත ජූඩ් නිමලන් මහතා ද එක්ව සිටියේය.
මවුපියන්ගෙන්, ප්‍රදේශවාසීන්ගෙන් හා ඇය අධ්‍යාපනය ලබන පාසලේ සිසු සිසුවියන්ගේ සහයෝගයෙන් මෙන්ම මස්කෙළිය පොලිසියේ නිලධාරීන්ගේ ද ආරක්ෂාව මැද්දේ ඇය ගින්ස් වාර්තාව සටහන් කළාය.
ශස්මිකාගේ පියා වන එස්. විග්නේෂ්වරන් මීට මාස කිහිපයකට ප්‍රථම යාපනයේ සිට කොළඹ දක්වා පාගමනින් ගොස් මෙරට වාර්තාවක් තැබූ නිසා තමන්ට ගිනස් වාර්තාවක් තැබීමට ආශාවක් ඇති වූ බව ශස්මිකා සිසුවිය පැවසුවාය.
ගිනස් වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව මෙරට ගිනස් වාර්තා අධීක්ෂණ කමිටුවේ සාමාජික ජූඩ් නිමලන් මහතා විසින් ඇයට හිමි සහතිකපත සහ පදක්කම පිළිගන්වනු ලැබීය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart