
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගී වීමට පැමිණි කාවඩි කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් පිරිසක් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත අද (28) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඓතිහාසික දෙවිනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, පෙරහැරට එක්වන සියලුම කාවඩි කණ්ඩායම් විශේෂ පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන තිබේ.
පෙරහැර සඳහා කාවඩි කණ්ඩායම් සහභාගී කරවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසුගියදා දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය.
මෙම තත්ත්වය හමුවේ මෙවර පෙරහැර සඳහා කාවඩි කණ්ඩායම් සහභාගී කරවීම තාවකාලිකව අත්හිටුවන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉකුත් ජූලි 26 වැනිදා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිර්දේශ කර තිබිණි.
කෙසේවෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (27) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී, පසුගිය වසරවල පෙරහැරට සහභාගී වූ සියලුම කාවඩි කණ්ඩායම්වලට මෙවරද සහභාගී වීමට අවසර දීමට තීරණය විය.
මෙවර ඇසළ මහා පෙරහැර අද පස්වරු 2.00ට වීථි සංචාරය කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart