
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික රග්බි සම්මේලනයේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ මෙරට රග්බි තත්ත්වය ගැන කරුණු විමසා තිබේ.
ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන අන්තර්ජාතික සබදතා සහ සහභාගිත්ව නිලධාරි ඩෙවිඩ් කැරිගි, එම සම්මේලනයේ ආසියාවේ කලාපීය හවුල්කාරීත්ව කළමනාකරු රිඩ්සාල් සාට් සහ ආසියානු රග්බි සම්මේලනයේ අතුරු කමිටු ප්‍රධාන විධායක නිලධාරි බෙන්ජමින් වෑන් පැමිණ සිටින නියෝජිත පිරිස අතර වෙති.
ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙරට රග්බි සම්මේලනය පිළිබඳව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත යවන ලද ලිපියක පිටපතක් ලැබුණු බවත් ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ජා කරන බවත් පිළිබඳව රග්බි සම්මේලනය නියෝජිතයන් සදහන් කර ඇත.
ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ ඊයේ (04)හමුවී සාකච්ඡාවක නිරත වූ අවස්ථාව දි ඔවුන් මේ බව සඳහන් කර ඇත.
එහිදී මෙරට රග්බි ක්‍රීඩාව මුහුණ දි ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිළිබඳව තරගාවලි සදහා සහභාගිවීමට ඇති හැකියාව ගැන ද අවධානය යොමුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart