March 25, 2026

වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වැටළීමකදී යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක චෛත්‍යගල ප්‍රදේශයේදී සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් පස්දෙනකු වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පළාගොස් තිබේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී ඊයම් 1kg 250g පමණ ප්‍රමාණයක්, බැටරි 15ක්, ගිනිපෙට්ටි 144ක් අහස් කූරු 144ක් හාල් කිලෝ 25ක් ඇතුළු විශාල වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක සිට සතුන් දඩයම් කිරීමේ ජාවාරමේ නිරත වන පිරිසක් බවට නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

පළාගිය සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී.