
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් 2025‑04‑05 දින අත්සන් කරනු ලැබ තිබේ.
ඒ යටතේ නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත.
එකී අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත එක් එක් ව්‍යාපෘතියට අදාළව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර වෙන් වෙන් වශයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතුව තිබේ.
ඒ අනුව, ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් 33, ඉන්දියානු මහකොමසාරිස්වරයා සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart