
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවුරුදු හතක් වයස දැරියක කාලයක් තිස්සේ වරින් වර දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධ ඇයගේ 77 හැවිරිදි සීයා සහ 19 හැවිරිදි ඥාති සොහොයුරකු පල්ලම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (25) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණයට ක්වූයේ යැයි කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බාලවයස්කාර දැරියගේ මවගේ පියා සහ සොහොයුරියකගේ පුතකු බව පොලිසිය සඳහන් කරයි.
පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව දැරිය සොයා ඇය පදිංචිව සිටින පල්ලම ප්‍රදේශයේ නිවෙසට ගොස් ඇයගෙන් ප්‍රශ්න කර ලබාගත් තොරතුරු මත විමර්ශන පවත්වා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart