
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විසිඑක් වසරකට පසු ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව රනින් සැරසූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මහනුවර කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබාදීමට පියවර ගන්නා ලෙස කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධකරණ කමිටුවේ සභාපති, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රාදේශීය ලේකම් එස්. ඩී. නාගහතැන්න වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව එම ක්‍රීඩිකාවට සුදුසු ඉඩමක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන බව කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කර තිබේ.
කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී සෞඛ්‍ය ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව නිසැකවම ඔලිම්පික් පදක්කමක් ලබාගත හැකි ඉතා දක්ෂ පාසල් ක්‍රීඩිකාවක් බවත්, මීටර් 800 කාන්තා ඉසව්වේ ළාබාලම ක්‍රීඩිකාවක ලෙස තරග කරමින් වසර 21කට පසුව ආසියානු මලල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනාගත් පළමු පාසල් ක්‍රීඩිකාව වබ බවත්, ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart