
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රියදුරු බලපත්‍ර සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීම අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් නිවේදනය කරයි.
මෙමගින් දිගු කලක් තිස්සේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත්‍ර ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සිදුකරන ලද අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයකින් පසුව අත්සන් කරන ලද ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු තාක්ෂණික අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බව අමාත්‍ය හේරත් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
නව විධිවිධානය යටතේ, වසර හයක් ඉතාලියේ ජීවත් වූ එරට සිටින ශ්‍රී ලාංකික පදිංචිකරුවන්ට ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිට තම ජාතික රියදුරු බලපත්‍රය ඉතාලි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට සුදුසුකම් ලැබෙනු ඇත.
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව විසින් මෙම පහසුකම සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදය පළකර තිබේ.
එය ඔවුන්ගේ රැකියා අවස්ථා සැළකිව යුතු ලෙස වැඩිදියුණු කරන බවත් ඵලදායී ඩයස්පෝරාවක් ලෙස ඔවුන්ගේ දායකත්වය ශක්තිමත් කරන බවත් අමාත්‍ය හේරත් තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart