February 12, 2026

බෝඹු­රු­ඇල්ල නැර­ඹී­මට පැමිණි 26 හැවි­රිදි ජර්මන් ජාතික තරු­ණි­ය­කට අත­වර කළේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි සැක­කරු පෙරේදා (10) හඳු­නා­ගැ­නීමේ පෙරෙ­ට්ටු­ව­කට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී හඳු­නා­ගෙන ඇත.

ඒ අනුව සැක­කරු ලබන 24 වැනිදා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස වැලි­මඩ මහේ­ස්ත්‍රාත් ආර්.ඒ.සී.කේ. අම­ර­තුංග නියෝග කළ බව අඹ­ග­ස්දෝව පොලි­සිය පව­සයි.

මෙම තරු­ණි­යට අත­වර කළේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පසු­ගිය 04 වැනිදා අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු වැලි­මඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේය.

45 හැවි­රිදි වියේ පසු­වන මේ සැක­කරු නුව­ර­එ­ළිය, හාවා­එ­ළිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බව ද පොලි­සිය කියයි.

ඕස්ට්‍රේ­ලි­යානු සහ ජර්මන් ජාතික තරු­ණි­යන් දෙදෙ­නකු නුව­ර­එ­ළියේ සංචා­ර­ය­කට පැමිණ එහි හෝට­ල­යක ලැගු­ම්ගෙන ඇත.

එම හෝට­ලයේ මඟපෙන්වීම මත සැක­කරු සමඟ බෝඹු­රු­ඇල්ල නැර­ඹී­මට පැමිණ ඇති බව ද පොලි­සිය කියයි.

පැමි­ණි­ල්ලක් මත සිදුකරන ලද විම­ර්ශ­න­ව­ලදී දිය ඇල්ල නැරැ­ඹී­මට යන අත­ර­තුර මාර්ග­යේදී ඇය මේ අත­ව­ර­යට මුහුණ පා ඇති බවට තහ­වුරු වීමෙන් පසු සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කළ බව පොලි­සිය පව­සයි.