
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවුල් ආරවුලක් මත බිබිල ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයකු කළ පහරදීමකින් කුවේට් ජාතිකයකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
කුවේට් රාජ්‍යයේ සේවය කරන කාන්තාව ඇය සේවය කරන නිවසේ හිමිකරු ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ගෙන්වා ගැනීම නිසා කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇය සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ.
ඒ අතරතුර එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ 80 හැවිරිදි කුවේට් ජාතිකයා සහ ඔහුගේ ශ්‍රී ලාංකික රියදුරු බිබිල රෝහලට ඇතුළත් කර ඇත.
බහින්බස් වීම දුරදිග යෑමෙන් එම පුද්ගලයා නිවසටද ගිනි තබා ඇති අතර සිද්ධියෙන් ඔහුගේ පියාට ද පිළිස්සුම් තුවාල සිදුව තිබේ.
තුවාල හේතුවෙන් පසුව ඔහු මියගොස් ඇත.
මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.
කුවේට් ජාතිකයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිසිය භාෂා පරිවර්තකයකුගේ සේවය ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart