
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැල කණුව ප්‍රදේශයේදී විදෙස් ජාතිකයෙක් ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට ඇදවැටී තිබේ.
ඉන්දීය ජාතිකයකු වන අදාළ විදේශිකයා පසුව එම ස්ථානයෙන් මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙකි.
තුවාලකරු තවත් පිරිසක් සමග රත්නපුර – ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටිය දී අද (29) අලුයම 4.45ට පමණ මෙම අනතුරට මුහුණදී තිබිණි.
ඒ අනුව, වහාම ක්‍රියාත්මක වු ශ්‍රී පාද උඩමළුව පොලිස් මුරපොලේ නිලධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දැනුවත් කිරීමෙන් පසු මහත් පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා බේරාගැනීමට සමත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාලකරු සමග පැමිණි පිරිස නල්ලතන්නිය දක්වා රැගෙන යෑමට කටයුතු කර තිබේ.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart