October 29, 2026

ඇත් දළ කැබැල්ලක් රුපියල් 800,000 ක මුදලකට අලෙවි කිරීමට තැත්කළ බවට චෝදනා මත කුරුණෑගල, බඩගමුව වන රක්ෂිතය ආසන්නයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම අඟහරුවාදා (27) වයඹ වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උපාය දූතයන් යොදවා තිබිණි.

අවුරුදු 26 සහ 32 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් තිස්සමහාරාමය සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන් දෙදෙනා ඉබ්බාගමුව ප්‍රදේශයේ සත්ව ගොවිපොළක කළමනාකරුවන් ලෙස සේවය කරන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බදාදා (28) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.