September 20, 2026

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් යොදාගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පිරිත් පැන් ඉසීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

පවතින දීර්ඝකාලීන වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට, සතුන්ට සහ පරිසරයට සහනයක් පතමින් සහ වැසි අපේක්ෂාවෙන් මෙම ආගමික මෙහෙය සංවිධානය කර ඇත.

වැසි ඇද හැලී කාලගුණික තත්ත්වය යහපත් වේවායි ප්‍රාර්ථනා කරමින් ගුවන් යානයේ සිට මෙලෙස භූමිය වෙත පිරිත් පැන් ඉසීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තවදුරටත් වියළි කාලගුණයේ බලපෑම එල්ල වෙමින් පවතින පසුබිමක මෙම පියවර ගෙන ඇත.