June 10, 2026

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ කොළඹ 12, පරණ යොන් වීදියේ (අංක 111, 113) පිහිටි ‘King Fisher Marketing Pvt Ltd’ සමාගමට අද (10) දින අංක 5 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 500,000 ක (ලක්ෂ 5ක) දඩයක් නියම කරනු ලැබීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති රුපියල් 260 ක උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින්, දේශීය කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 340 ක මුදලකට (කිලෝ 5ක ඇසුරුමක් රුපියල් 1700 කට) අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව මෙලෙස නඩු පවරා තිබිණි.

අධිකරණය හමුවේ අදාළ චෝදනාවන්ට අද (10) දින වරද පිළිගැනීමෙන් අනතුරුව සමාගමට මෙම දඩ මුදල නියම කෙරිණි.