
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චැනල් ෆෝ නාළිකාව හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළ අසාද් මවුලානා නමැත්තා ව්‍යාජ ලේඛන පෙන්වමින් තමාව විවාහ කරගත් බව පවසා කාන්තාවක කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවක් විසින් මෙම නඩුව පවරා ඇති අතර, මෙම නඩුව පෙරේදා කල්මුණේ මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුඩීන් ඉදිරියේ විභාගයට ගෙන ඇත.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ , පැමිණිකාර කාන්තාව කරන චෝදනාවේ සත්‍යතාව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
අසාද් මවුලානා නමැත්තාට පෙර විවාහයක් තිබෙන බව සඟවමින් ව්‍යාජ ලේඛනයන් පෙන්වා තම සේවාදායිකාව විවාහ කරගත් බවත්, පසුව මඩකලපුවේ නිවාඩු නිකේතනයක කෙටි කාලයක් එකට කාලයක් ගතකර ඇයව රවටා පලා ගොස් ඇති බව ඇය වෙනුවෙන් පෙනීසිටි නිතීඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.
මේ කරුණ සළකා බැලූ කල්මුණේ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන ඔක්තෝම්බර් 26 වැනිදා තෙක් කල් තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart