
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුලත්කොහුපිටිය පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ මුහුණ සපාකා තුවාල සිදුකර පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බුලත්කොහුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා උඳුගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවේ.
බුලත්කොහුපිටිය පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ජංගම දුරකථනයක් සොරාගෙන ගියේ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ලෑවල ප්‍රදේශයට පෙරේදා (24) ගොස් ඇත.
ජංගම දුරකථනයක් සොරාගෙන ගියේ යැයි කියන පුද්ගලයාගේ නිවසට ගොස් සිටි අවස්ථාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු එහි පැමිණ, මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගැනීම ගැන එම පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන එක් පොලිස් කොස්තාපල්වරයකුගේ මුහුණ සපාකා තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිස් පරීක්ෂකවරයා සමඟ සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන පුද්ගලයාව මීට පෙර අවස්ථාවක සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණු බවද පොලිසිය පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart