
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලුණුපැහිච්චාව ගම්මානයේ, කිකිළිගේ වැව ප්‍රදේශයේ පිහිටි වගා ළිඳක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන, උසින් අඩි 7ක් පමණ වූ අලියෙකි.
ගම්වාසීන් පවසන්නේ මෙම සත්වයා කලක සිට පාදයක ඇති වූ ආබාධයකින් පීඩා විඳිමින් සිටි අතර ඉන් ඇති වන වේදනාව සමනය කරගැනීම සඳහා සත්වයා නිතරම ජලාශ්‍රිත ප්‍රදේශවලට යෑමට පුරුදුව සිටි බවයි.
ප්‍රදේශවාසීන්ට අනුව, මෙම වන අලියා වගා ළිඳට බැස එහිදීම මියගොස් ඇති අතර, මළ සිරුර දින කිහිපයක් තිස්සේ ජලයේ ගිලී තිබී ඇත.
ඉන් හමා ආ දැඩි දුර්ගන්ධය හේතුවෙන් පසුව ගම්වාසීන් විසින් සිරුර සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය වනජීවී කාර්යාලය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart