
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර, පුලියන්කුලම ප්‍රදේශයේ මිරිස් ගොවියකු අක්කර භාගයක මිරිස් වගාවකින් ඊයේ (17) වන විට රුපියල් මිලියන 10ක වාර්තාගත ආදායමක් උපයා ඇත.
බන්දුල නම් ඔහු මෙතෙක් අක්කර භාගයකින් ලබාගත් වැඩිම අස්වැන්න සහ මිරිස් ආදායම වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඔහු විසින් මිරිස් වගාවේ නව තාක්ෂණය යොදා ගනිමින් පුලියන්කුලම ප්‍රදේශයේ අක්කර භාගයක මිරිස් වගාව ආරම්භ කර ඇති බව අමාත්‍යංශය පවසයි.
විශේෂයෙන්මමෙරට වැඩිම අස්වැන්නක් ලබාදෙන දේශීය මිරිස් ප්‍රභේද වන MICH 1 සහ 2 මේ වගාව සඳහා ඔහු තෝරාගෙන තිබේ.
මෙම මිරිස් වගාව ආරම්භ කර මාස නවයක් ඇතුළත ඔහු රු. මිලියන 10ක් උපයා ඇති අතර, ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වෙත ඊයේ දැනුම් දෙන ලදී.
කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් මිරිස් වගාව සඳහා අධි ඝනත්ව වගා ක්‍රමයක් සහ නව කෘෂිකාර්මික තාක්ෂණය හඳුන්වා දී ඇත.
සාම්ප්‍රදායික මිරිස් වගා ක්‍රමයට අනුව අක්කර භාගයක මිරිස් පැළ 6000ක් පමණක් සිටුවිය හැකි නමුත් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ පැළ 13000ක් සිටුවිය හැක.
ඒ අනුව, අස්වැන්න කිහිප ගුණයකින් වැඩිවීම සිදු වේ.
එමෙන්ම මිරිස් පාත්ති පොලිතින්වලින් ආවරණය කිරීමෙන් සහ බිංදු ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය භාවිත කිරීමෙන් ජලය අපතේ යෑමක් සිදු නොවන අතර වල් මර්දනයට අමතර මුදලක් වැය කිරීමට ද සිදු නොවේ.
අක්කර භාගයක මිරිස් වගාවකට වරකට අවශ්‍ය වන්නේ අවම රසායනික පොහොර ප්‍රමාණයකි.
එසේම පළිබෝධ මර්දනයට කෘමිනාශක භාවිත නොකරන බැවින් මිරිස්වල ගුණය ද ඉහළයයි.
මීට පෙර මෙරට මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් සහ ආදායමක් ලැබූ ගොවීන් දෙදෙනකු තිරප්පනේ සහ යාපනය ප්‍රදේශවලින් වාර්තා විය.
ඔවුන් උපයා ගත්තේ රු.මිලියන 05ක් සහ රු.මිලියන 06කි.
පුලියන්කුලමේ බන්දුල රුපියල් මිලියන 10කට අධික ආදායමක් ඊයේ (17) වන විට ලබාගෙන ඇති අතර මිරිස් සඳහා වත්මන් වෙළෙඳපොළ මිලට අනුව අවම වශයෙන් රුපියල් මිලියන 13 ක මුදලක් ඉපැයීමේ හැකියාව ඔහුට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart