
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 4ක් වටිනා සජීවී සතුන් 88 දෙනකු රැගෙන ඒමට උත්සාහ කළ ව්‍යාපාරික යුවළක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ වනජීවී හා වෘක්ෂලතා ආඥාපනත, සත්ව රෝග පනත සහ රේගු ආඥාපනත උල්ලංඝනය කරමින් මෙම සතුන් තායිලන්තයෙන් ආනයනය කර තිබිණි.
රේගු ආදායම් අධීක්ෂණ අංශය, රේගු ජෛව විවිධත්ව ඒකකය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ වැටලීමකදී සජීවී සතුන් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
තරුණ ව්‍යාපාරික යුවළ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් බැංකොක් සිට UL-405 ගුවන් යානයෙන් ඊයේ පස්වරු 4.35ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
සතුන් වාතාශ්‍ර සිදුරු සහිත කුඩා ප්ලාස්ටික් පෙට්ටිවල අසුරා සිට ඇත.
මෙම සතුන්ට අතරට මාළු, ගෙම්බන්, ලේනුන්, කැස්බෑවන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලැමන්ඩර්, පණු විශේෂ සහ මීයන් ඇතුළත් විය.
මෙම සජීවී සතුන් තොගය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ හෝ රේගු නිලධාරීන්ගේ ඇසට හසු නොවීම පුදුම සහගත බව කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීහු පැවසූහ.
මෙම තරුණ ව්‍යාපාරික යුවළ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.
පරීක්ෂණ අවසන් වනතුරු මෙම සතුන් කටුනායක ගුවන් තොටුපළ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart