May 17, 2026

උද්ධමනයට බියවී රටේ මූල්‍ය කටයුතු මෙහෙයවීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ඔහු පෙන්වා දී දුන්නේ වර්තමානයේ මහ බැංකුවට සිදුව ඇත්තේ එවැනි තත්වයක් බවයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

”සල්ලි අවශ්‍යයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න. එය ප්‍රසාරණය කිරීම තුළ රට ඉදිරියට යනවිට මහ බැංකුවේ බය තියෙන්නේ උද්ධමනය ඇති වෙන නිසා සල්ලි වැඩිකළොත් උද්ධමනය ගැන ඒ ගොල්ලන්ට හිසරදයක් ඇති වෙනවා කියලා. ඒ නිසා සල්ලි වැඩි කරන්නේ නැතිව ඒක පාලනය කිරීම තමයි කරගෙන යන්නේ.”

”එහෙම නෙමෙයි රටක ආර්ථිකය ගෙනියන්නේ. රටක ආර්ථිකයක් ගෙනියන්නේ සාර්ථකව ඉදිරියට යන කොට ඒකෙ ඌණතාවට හරියන්න වැඩ කටයුතු කරලා ඒක තුළින් ඉදිරියට යාම තමයි අවශ්‍ය වන්නේ. අපි සාපේක්ෂව ගත්තොත් මැලේසියාව වගේ රටක්, ඉන්දුනීසියාව වගේ රටක්, ඒ ගොල්ලෝ ආයෝජනය කරන්නේ සංවර්ධනය තුළින් ඉදිරියට ගිහිල්ලා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.