
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික දැවැන්තයෙකු වන අලිබබා (Alibaba) සහ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD ඇතුළු චීන සමාගම් කිහිපයක්, චීන හමුදාව සමඟ සබඳතා පවත්වන සමාගම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (Pentagon) විසින් ප්‍රකාශයට පත්කරන ලද මෙම ලැයිස්තුව මඟින්, අදාළ චීන සමාගම් සමඟ ව්‍යාපාරික කටයුතු කිරීමේදී පවතින අවදානම පිළිබඳව ඇමරිකානු සංවිධාන දැනුවත් කිරීම අරමුණු කරයි.
කෙසේවෙතත්, මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පමණින් එම සමාගම්වලට එරෙහිව වහාම සම්බාධක පැනවීමක් සිදු නොවේ.
“1260H වගන්තිය” (Section 1260H) ලෙස හැඳින්වෙන මෙම ලැයිස්තුවට බයිදු (Baidu), නියෝ (Nio) සහ කොමාක් (Comac) යන චීන සමාගම් ද අලුතින් ඇතුළත් කර ඇත.
මීට පෙර එක් කරන ලද ටෙන්සන්ට් (Tencent), හුආවේ (Huawei) සහ DJI වැනි තාක්ෂණික සමාගම් ද තවදුරටත් එහි පවතී.
ඇමරිකාවේ මෙම පියවර වෙනස්කම් කිරීමක් ලෙස හඳුන්වා දෙන වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය, චීන සමාගම් සැමවිටම විදේශීය නීතිවලට අනුකූලව කටයුතු කර ඇති බව පවසයි.
එමෙන්ම, තමන් චීන හමුදාවට සම්බන්ධ සමාගම් නොවන බවත්, මෙම තීරණයට එරෙහිව හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අලිබබා සහ බයිදු සමාගම්වල ප්‍රකාශකයෝ අවධාරණය කරති.
ප්‍රතිපත්ති විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ, ඇමරිකාවේ මෙම නව පියවර වොෂින්ටනය සහ බීජිනය අතර පවතින ආර්ථික හා දේශපාලන නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කිරීමට හේතු විය හැකි බවයි.
මීට ප්‍රතිචාර වශයෙන් චීනය ද ඇමරිකානු සමාගම් ඉලක්ක කරගනිමින් මෙවැනිම පියවරක් ගැනීමට ඉඩ ඇති බව ඔවුහු විශ්වාස කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart