
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීන ඉන්දීය පසුබිම් ගායක සහ චිත්‍රපට ගීත රචක හරිහරන් විසින් ඊයේ (09) රාත්‍රියේ යාපනයේ ‘මුත්‍රවේලි’ ක්‍රීඩාංගණයේ පවත්වන ලද සංගීත ප්‍රසංගය අතරතුර කළහකාරී තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.
ප්‍රසංගයට පැමිණි අතිවිශාල ජනකාය පොලිස් ආරක්ෂාව නොතකා බලහත්කාරයෙන් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කර ඇති බව පැවැසේ.
සෙනඟ අතර සිදුවූ තෙරපීමෙන් කිහිපදෙනෙකුට ද තුවාල සිදුවී ඇතත්, තත්ත්වය සමථයකට පත් කිරීමට පොලිසිය සමත්ව තිබේ.
මෙම ප්‍රසංගයට තමන්නා සහ රම්බා ඇතුළු දකුණු ඉන්දීය නළු නිළියන් රැසක්ද සහභාගීවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart