
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයන් හත් දෙනෙකුට මරු කැඳවමින් සහ 20කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් අප්‍රේල් 21 වැනිදා ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර වූ අනතුර සම්බන්ධයෙන් තරගාවලියේ සම-සංවිධායකයන් වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඊයේ රැස්වූ එම සංගමය මෙම පරීක්ෂණය පැවැත්වීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් යුද හමුදාවද වෙනමම පරීක්ෂණයක් පවත්වයි.
තරඟය අතරතුර ගෙන තිබු ආරක්ෂක විධිවිධාන පිළිබඳ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ ආරංචි මාර්ග පැවසුවේ, යුද හමුදා සාමාජිකයින් 600ක් සහ පොලිස් නිලධාරීන් 200ක් පමණ රාජකාරියේ යොදවා සිට ඇති බවයි.
අනතුර සිදුවූ ස්ථානයේ ද එවැනි පුද්ගලයන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර පිරිස පාලනය කිරීමට එම පිරිස් උත්සාහ කළද ධාවන පථය අසලට සෙනඟ එක්රැස්වීම වැළැක්විය නොහැකි වී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
“මිනිසුන්ට ගැවසීම තහනම් කර ඇති ප්‍රදේශයට ජනතාව පැමිණ ගත වී තිබුණේ තත්පර කිහිපයයි. විනාඩි කිහිපයක්වත් ගෙවුණේ නැහැ. මෙම කුඩා කාලය තුළ අනතුර සිදුවුණා., එය අවාසනාවන්ත තත්ත්වයක්,” යනුවෙන් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය අප්‍රේල් 21 වැනි දින අනතුර ඉතා බැරෑරුම් ලෙස සළකන බවත්, සිද්ධියට ප්‍රතිචාර වශයෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් එම සංගමය පවසයි.
එම විමර්ශනයට අමතරව, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ යුද හමුදාව එක්ව අනතුරින් මියගිය අයගේ අවමංගල්‍ය කටයුතුවල වියදම් දරනු ඇති බවත් මියගිය අයට සහ තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමටත් කටයුතු කරනු ඇති බව ද වාර්තා වේ.
අනතුරෙන් පසුව අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනාගේ නීතිමය වියදම් දැරීමට ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ කවුන්සිලය තීරණය කර ඇති බව ද එහි ආරංචි මාර්ග පවසයි.
“ඔවුන්ට කුමන වරදක් යටතේ චෝදනා කරනවාද යන්න පිළිබඳ අපට අදහසක් නැහැ, මන්ද චෝදනා පත්‍රයක් නිකුත් කර නැහැ. ඔවුන් අධිකරණයට රැගෙන ගොස් නැහැ, මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ. ඒ නිසා රියැදුරන් දෙදෙනා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට නොහැකි වුණා,” ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර ඇත.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart