June 4, 2026

කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් වෙසක් උත්සවය නිමිත්තෙන් අද කොළඹ 7, ග්‍රෙගරි පාරේ පිහිටි එම කාර්යාල පරිශ්‍රයේදී කෝපි දන්සලක් පවත්වනු ලැබීය.

වෙසක් උත්සව සම්ප්‍රදායට දායක වෙමින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් විසින්ම එහි පැමිණි ජනතාව වෙත මෙම කෝපි බෙදා දෙන ලදී.

උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් සුහදතාවයේ සංකේතයක් ලෙස සංවිධානය කර තිබූ මෙම දන්සලට සහභාගී වීම සඳහා විශාල පිරිසක් මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.