November 18, 2026

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමේදී ගතවන කාලය මුල් කරගනිමින් කථානායක ජගත් වික්‍රමරත්න සහ විපක්ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු විය..

මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්නයක් යොමු කිරීමට උත්සාහ කිරීමේදී කථානායකවරයා ඊට බාධා කරමින් අවස්ථාව ලබා නොදීමත් සමඟ සභා ගර්භය තුළ මෙම උණුසුම්කාරී තත්ත්වය හට ගත්තේය.

එහිදී දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ කථානායකවරයා, “ප්‍රශ්න අහන්න ඕනෑවට වඩා කාලය ගන්න බැහැ. ඔබතුමාට සිංහල තේරෙන්නේ නැද්ද?” යනුවෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රී රෝහණ බණ්ඩාර, “ඔබතුමා මැද්දට පැන්නේ නැත්නම් මම ප්‍රශ්නය අහලා ඉවරයි” යනුවෙන් පවසමින් කථානායකවරයාට පිළිතුරු ලබා දුන්නේය.