
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට තරුණ පිරිස්වලට ‘රට රැකියා’ ලබාදෙන බව පවසමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවකට තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම ජාවාරම සිදුකර ඇතැයි වාර්තා වේ.
සැකකරු මීගමුව අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 02 සිට 05 දක්වා මුදල් ලබාගෙන මෙරට තරුණ තරුණියන් 70කට අධික සංඛ්‍යාවක් චීන ජාතිකයා විසින් මෙලෙස තායිලන්තයට සංචාරක වීසා මත යවා තිබේ.
එලෙස තායිලන්තයට ගිය කණ්ඩායම ඉන් අනතුරුව නීතිවිරෝධී අයුරින් බෝට්ටු මාර්ගයෙන් එරට සිට මියන්මාරයට හා ලාඕසයට යවා එහිදී ගොඩනැගිල්ලක සිරකර ඇතැයි පැවැසේ.
ඔවුන්ට එරටදී පවසා ඇත්තේ, ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් සකසා කාන්තාවන් ලෙස පෙනීසිටිමින් ධනවත් පුද්ගලයන් සමග සම්බන්ධවී ඔවුන්ගේ බැංකු ගිණුම්වල විස්තර ලබාගන්නා ලෙසය.
දිනකට එවැනි පුද්ගලයින් තිදෙකු සම්බන්ධ කරගත යුතු අතර එලෙස නොකළහොත් පහරදීම් සිදුකරන බවත් අදාළ පිරිසට පවසා තිබේ.
අනතුරුව ශ්‍රී ලංකා රජය මැදිහත්වී එම පිරිස මෙරටට ගෙන්වගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරකර ඇත.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු වූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart