
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසරක් තුළ වැඩිම එක්දින ශතක ලබාගත් පිතිකරු බවට පත්විමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශුබ්මන් ගිල් ඊයේ සමත් විය.
ඒ, ඉන්දොර් හි ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේදි ශතකයක් වාර්තා කරමිනි.
ඒ අනුව, මේ වසර සදහා මේ වන විට ගිල් එක්දින ශතක 04ක් ලබාගෙන තිබේ.
වසරක් තුළ වැඩිම එක්දින ශතක ලබාගෙන එහි වාර්තාවට මීට පෙර සචින් තෙන්දුල්කාර් හිමිකම් කියන ලද්දේ, 1996 වසරේදී ශතක 03ක් ලබාගනිමිනි. ඕස්ට්‍රේලියාවේ මාර්ක් වෝ 1996 දි ශතක 03ක් සහ 2002 වසරේදි බටහිර ඉන්දීය දුපත් හි ක්‍රිස් ග්‍රේල් ශතක ක් ලබා ගනිමින් සම තත්ත්වයේ පසුවූහ.
24 හැවිරිදි ශුබ්මන් ගිල් අද ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය එක්දින දිවියේ 06 වන ශතකය වාර්තා කළේ 35වැනි එක්දින තරගයේදිය.
ඉන්දියාව ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 399ක් රැස්කළේය.
මෙය ඉන්දීය කණ්ඩායමක් එක්දින පිටියේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.
එහිදි ඕස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් යවන ලද 44 වැනි පන්දුවාරයේදි සුර්යකුමාර් යාදව් පළමු පන්දු 04ට හයේ පහර 04ක් එල්ල කිරීම විශේෂත්වයක් විය.
සුර්ය කුමාර් යාදව් එහිදි පන්දු 23කදි අර්ධ ශතකයක් රැස්කළේය.
කැමරන් ග්‍රීන්ගේ පන්දුවාර 10 තුළ ඉන්දියාව ළකුණු 103ක් ලබාගත්තේය.
ශ්‍රෙයාස් අයියර් ලකුණු 105ක් සහ කේ.එල්.රාහුල් ලකුණු 52ක් ලබාගත්හ.
ඉන්දියාව තරගය ලකුණු 99කින් ජයග්‍රහණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart