July 9, 2026

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධනට චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට සම්බන්ධ කටයුත්තක් පහසුකර දීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගත් බවටයි.

පැමිණිල්ලට අනුව, මෙම අදාළ මුදල් ගෙවීම සිදුකර ඇත්තේ 2013 වසරේදීය.

අදාළ ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම නඩුව පවරා ඇත.

මහාධිකරණය විසින් ඉදිරියේදී මෙම නඩු කටයුත්ත විභාගයට ගැනීමට නියමිතව තිබේ.