
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු නියෝජ්‍ය කතානායකවරයකුගේ නිවසක තිබී විශේෂ කාර්ය බළකාය ආයුධ තොගයක් සොයාගෙන තිබේ.
රුසියාවේ සහ එංගලන්තයේ නිෂ්පාදිත ගිනිඅවි, ජීව අත්බෝම්බ සහ වෙඩි නොවදින ඇඳුම් එම ආයුධ අතර තිබී ඇතැයි පැවැසේ.
එමෙන්ම විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ 02ක්, බෝර 12 පතරොම් තුවක්කු 02ක් හා ඊට යොදන පතරොම් 22ක්, විදුලි නොවන ඩෙටනේටර් 09ක්, වෙඩි නොවදින ඇඳුමක් සහ තහනම් පිහියක් ද එම ආයුධ අතර ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
වැල්ලවාය පොලිස් වසමේ ඇල්ල 01 කණුව ප්‍රදේශයේ නිවෙසක තිබී මෙම ආයුධ තොගය සමග නිවසේ මුරකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඇල්ල 01 කණුව පදිංචි වයස අවුරුදු 63ක පුද්ගලයෙකි.
උපකරණ තිබූ මෙම පැරණි නිවස බලා ගෙන ඇති මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලවාය පොලිසියට භාරදී තිබේ.
කිසියම් අපරාධයක් සඳහා මෙම ආයුධ එම නිවසට ගෙන එන්නට ඇති බව පොලිසිය සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart