September 11, 2025

කොල්ලු­පි­ටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලා­වක ආර­ක්ෂ­ක­යෙක් ලෙස සේවයේ නිර­තව සිටින බොරැල්ල, වනා­ත­මුල්ලේ දුමි­න්දගේ ගෝල­යෙ­කුට වෙඩි තබා ඝාත­නය කිරීමේ සූදා­න­මින් රැගෙන ආ බව කියන ටී 56 ගිනි අවි­යක් සමඟ පස්දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කොල්ලු­පි­ටිය පොලී­සිය සමත්ව ඇත.

මෙම වෙඩි තැබීම සැල­සුම් කර ඇත්තේ ඩුබායි හි රැඳී සිටින ‘වනාතේ චතූ’ නමැති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්කරු බව­ටද තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

වනා­ත­මුල්ල ආශ්‍රි­තව පසු­ගිය දින­වල සිදුවූ වෙඩි­තැ­බී­ම්ව­ලට යොදා­ගෙන ඇත්තේ මෙම ටී 56 අවිය බවට පොලිසිය සැකකරයි.

කොල්ලු­පි­ටිය පොලී­සියේ 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට අනු­යු­ක්තව සේවයේ නිරත පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නෙකු පෙරේදා (09) රාත්‍රියේ යතු­රු­පැ­දි­ය­කින් සංචා­රක රාජ­කා­රියේ නිර­තව සිටි­යදී කොල්ලු­පි­ටිය ඩුප්ලි­කේ­ෂන් පාරේ ස්ථාන­යක ගමන් මල්ලක් අතින් ගෙන රැඳී සිටි සැක­ක­ට­යුතු තරු­ණ­යන් දෙදෙ­නෙකු නිරී­ක්ෂ­ණය වී ඇත.

ඔවුන් වෙත ගිය පොලිස් නිල­ධා­රීන් දෙදෙනා කිට්ටුවී බෑගයේ ඇත්තේ කුම­ක්දැයි විමසා තිබේ. එවිට ඔවුන් දෙදෙනා බෑගය අත­හැර දමා පළා­ගොස් ඇත.

බෑගය පරීක්ෂා කිරී­මේදී ඒ තුළ ටී 56 වර්ගයේ ගිනි අවි­යක් තිබී ඇත. මෙහිදී එක් සැක­ක­රු­වෙක් පළා­ගොස් ඇත්තේ කුලී යතු­රු­පැ­දි­යක නැඟීය. පොලිස් නිල­ධා­රීන් පන්නා ගොස් යතු­රු­පැ­දියේ ගම­න්ක­ර­මින් සිටි සැක­කරු අල්ලා­ගෙන ඇත.

කොල්ලු­පි­ටියේ පිහිටි සමාජ ශාලා­වක සේවයේ නිරත ආර­ක්ෂ­ක­යෙක්ට වෙඩි තබා ඝාත­නය කිරී­මට එම අවිය රැගෙන ආ බව එහිදී තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

යතු­රු­පැ­දි­ය­කින් දෙදෙ­නෙකු පැමි­ණෙනු ඇති බවත් ඔවුන්ට ගිනි අවිය ලබා­දෙන ලෙසත් අත්අ­ඩං­ගුවේ සිටි සැක­කරු පවසා ඇත. ඔහු සේද­වත්තේ පදිං­චි­ක­රු­වෙක් බව පොලී­සිය සඳ­හන් කළේය.

ඔහු සමඟ රැඳී සිට පලාළා­ගිය පුද්ග­ලයා ඝාතන සැක­ක­රු­වෙක් බවත් ‘වනාතේ බිම්සර’ නමැ­ත්තාට බොරැල්ල මැග­සින් බන්ධ­නා­ගා­රය ඉදි­රි­පි­ටදී වෙඩි තබා ඝාත­නය කිරී­මට තැත්ක­රනු ලැබුවේ ඔහු විසින් බව­ටත් තොර­තුරු විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ. ඒ අනුව පොලී­සිය සේද­වත්තේ කළ සෝදි­සි­ය­කින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ටී 56 අවිය යතු­රු­පැ­දි­ය­කින් පැමිණ භාර ගැනී­මට සිටි පැදි­ක­රුත් වෙඩි­ක්ක­රුත් ගැන තොර­තුරු හෙළි­වන්නේ ඔහු­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමු­වේ­දීය. ඒ අනුව දෙම­ට­ගොඩ පිහිටි නිව­සක් වටලා වෙඩි­ක්කරු සමඟ පැමිණ ගිනි අවිය භාර­ගැ­නී­මට සූදා­න­මින් සිටි යතු­රු­පැ­දි­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ වන විටත් ඔහු තුවාල ලබා සිටි බව පොලී­සිය සඳ­හන් කළේය. ඔහු තුවාල ලබා ඇත්තේ ගිනි අවිය ලබා­ගෙන සමාජ ශාලාවේ ආර­ක්ෂ­කයා ඝාත­නය කිරීමේ සුදා­න­මින් කොල්ලු­පි­ටිය වෙත ගමන් කර­මින් සිටි­යදී ගාලු­මු­ව­දොර ආස­න්නයේ දී යතු­රු­පැ­දිය බිම වැටී අන­තු­රට ලක්වන බැවිනි. වෙඩි­ක්ක­රුද ඒ වන විට සිට ඇත්තේ යතු­රු­පැ­දියේ බව අනා­ව­ර­ණය වී ඇත. ඔහුද තුවාල ලබා තිබේ. මෙම අන­තුර සිදුව ඇත්තේ පොලී­සි­යට ගිනි අවිය හසුවී ඇති බැවින් කොල්ලු­පි­ටි­යට නොයන ලෙස චතූ නැමැත්තා ඩුබායි සිට ලබා­දුන් දුර­ක­තන ඇම­තු­ම­කට අනුව කල­බල වී යතු­රු­පැ­දිය හරවා නැවත ගමන් කිරී­මට සූදා­නම් වන විටදී බවද අනා­ව­ර­ණය වී ඇත. අත්අ­ඩං­ගු­වට ගත් යතු­රු­පැ­දි­කරු පවසා ඇත්තේ 138 කොට්ටාව බස­ය­කට කොළඹ කොටු­වෙන් වෙඩි­ක්කරු නැඟ ගමන් කළ බවය. තමා දෙම­ට­ගො­ඩට පැමිණි බවද ඔහු පවසා තිබේ. යතු­රු­පැ­දිය ඔහු දෙම­ට­ගො­ඩම පිහිටි සිය සහෝ­ද­ර­යාගේ නිවසේ සඟවා ඇත. එම යතු­රු­පැ­දිය සමඟ සහෝ­ද­ර­යා­වද පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

වෙඩි­ක්කරු හඳු­නා­ග­නි­මින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලී­සිය සඳ­හන් කළේය.

පොලිස් නිල­ධා­රීන් පලා­ය­මින් සිටි සැක­ක­රු­වන් දෙදෙනා ලුහු­බැඳ ගොස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අන­තු­රුව ඔවුන්ගේ තොර­තුරු මත තවත් තිදෙ­නෙකු කොටු­කර ගෙන තිබේ. සැක­ක­රු­වන් පස් දෙනාම මාලි­ගා­වත්තේ පදිං­චි­ක­රු­වන්ය.

විම­ර්ශ­න­යේදී පෙනීගොස් ඇත්තේ ගිනි අවිය තබා­ගෙන සිට ඇත්තේ වෙඩි­ක්කරු රැගත් යතු­රු­පැ­දිය පැමි­ණෙන තුරු බවය. මෙම ගිනි අවිය සහිත බෑගය යතු­රු­පැ­දි­ය­කින් පැමි­ණෙන දෙදෙ­න­කුට ලබා­දීම පම­ණක් ඔවුන්ට පැවරී ඇති රාජ­කා­රිය බව ද විම­ර්ශ­න­යේදී පෙනීගොස් තිබේ. ඔවුන් දෙදෙ­නාව මෙහෙ­යවා ඇත්තේ කංජි­පානි ඉම්රාන්ගේ පාතාල ජාලයේ පිරිස් බව මෙතෙක් කර ඇති විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි.

වනාතේ චතූ සහ දුමින්ද පාර්ශ්ව දෙක අතර ඇති මත්කුඩු අලෙ­විය සම්බ­න්ධ­යෙන් වූ ආර­වුලේ ප්‍රති­ඵ­ල­යක් ලෙස සමාජ ශාලාව තුළදී දුමි­න්දගේ ගෝල­යෙක් වූ බවු­න්ස­ර්ව­රයා ඝාත­නය කිරී­මට සැල­සුම් කර ඇති බව විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වූ බව පොලී­සිය පව­සයි. මේ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන පැවැත්නෙ බවද පොලී­සිය සඳ­හන් කළේය.(දිනමිණ)