
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වන ඉන්දියාව තරගාවලිය සඳහා මූළික කාලසටහනක් සකස් කර තිබේ.
ඒ අනුව, එක්දින ලෝක කුසලානය ආරම්භ කරමින් ඔක්තෝබර් 05 වනදා පැවැත්වෙන පළමු තරගයේදී ලෝක ශූර එංගලන්තය සහ නවසීලන්තය තරග වැදීමට නියමිතව තිබේ.
ඔක්තෝබර් 08 වනදා චෙන්නායිහිදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව තරග වදිනු ඇත.
ඔක්තෝබර් 15 වන දින පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය අහමදාබාද් හිදි පැවැත්වීමට සැළසුම් කර ඇත.
තරගාවලියේ අවසන් පූර්ව තරග නොවැම්බර් 15 සහ 16වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 19 අහමදාබාද්හිදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැළසුම් කර තිබේ.
මෙම කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලබාදී ඇති අතර, තරගාවලියට අදාළ අවසන් නිල තරග කාල සටහන ඉදිරි දින කිහිපයේදී නිකුත් කෙරේ.
ඉන්දි එ. ඕස් – ඔක් 08, චෙන්නායි
ඉන්දි එ. ඇෆ්ගන් – ඔක් 11, දිල්ලි
ඉන්දි එ. පකිස්තාන – ඔක් 15, අහමදාබාද්
ඉන්දි එ. බන්ග් – ඔක් 19, පූනේ
ඉන්දි එ. නවසී – ඔක් 22, ධරමසාල
ඉන්දි එ. එංග – ඔක් 29, ලක්නව්
ඉන්දි එ. සුදුසුකම් ලබන කණ්ඩායම – නොවැ 02, මුම්බායි
ඉන්දි එ. දකුණු ඉන්දි – නොවැ 05, කොල්කටා
ඉන්දි එ. සුදුසුකම් ලබන කණ්ඩායම – නොවැ 11, බෙංගාලය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart