
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයකුට පහරදී ඔහු සතු මුදල් කොල්ලකෑ පොලිස් සැරයන්වරයකු, පොලිස් කොස්තාපල් රියැදුරකු සහ කොස්තාපල්වරයෙකු මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරාවුර් පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙක් බව පැවැසේ.
පසුගිය 09 වැනිදා රාත්‍රියේ එරාවූර් නගරයේ මාර්ගයක යමින් සිටි පුද්ගලයකු හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන, මෙම සැකකාර නිලධාරීන් තිදෙනා ඔහු සතුව තිබූ රුපියල් 6500ක මුදලක් කොල්ලකා තිබේ.
තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ද ඉල්ලා තිබෙන බව එම පුද්ගලයා මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පවසා ඇත.
කොල්ලකෑමට ලක්වූ පුද්ගලයා ඔහුගේ පියා සමග සිදුවීම වූ දිනට පසු දින පොලිසියට ගිය අවස්ථාවේදී කොල්ලකන ලද මුදලින් රුපියල්1500ක් පොලිස් නිලධාරීන් විසින් ඔහුට නැවත ලබාදී තිබෙන බවද අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart