February 21, 2026

ගම්පොළ-නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඇත්ගාල පොලිස් වසම තුළ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ බස් රථයක් ඉස්සර කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙනි.

යතුරුපැදිකරු සහ දරුවන් දෙදෙනා තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබිණි.

ප්‍රතිකාර ලබමින් සිටියදී තුන් හැවිරිදි දැරිය පසුව මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇත්ගාල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.