
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ධාවනය වූ දුම්රියක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ හිසට වීදුරු බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරු වූ 22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුට මාස තුනකට අඩු සිරදඬුවම් කාලයකින් පසුව ඇප හිමිව තිබේ.
කුඩා කල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති සරණීස් සිවකුමාර් (22) නමැති මෙම තරුණයා සහ ඔහුගේ මිතුරෙකු වන බැඩ්රි මාවිනී නැමැත්තා විසින් ඉකුත් අප්‍රේල් 25 වැනිදා ක්ලීව්ලන්ඩ් දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රියක් තුළදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
එම දර්ශන CCTV කැමරාවලද සටහන්ව තිබිණි.
තනිව ගමන් කරමින් සිටි පුද්ගලයා වෙත පැමිණි මොවුන් දෙදෙනා ඔහු සමඟ ආරවුලක් ඇති කරගෙන මුහුණට සහ හිසට පහර දී ඇති අතර, ඉන්පසුව අදාළ පුද්ගලයා දුම්රියෙන් බැස යෑමට උත්සාහ කිරීමේදී ඔහුව නැවත ඇදගෙන වෙනත් මැදිරියකට ගොස් තිබේ.
පසුව නැවත පැමිණි මොවුන් අදාළ පුද්ගලයාගේ බෑගය උදුරා ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිවකුමාර් විසින් වීදුරු බෝතලයකින් ඔහුගේ හිසට පහරදී ඇත.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා දැඩි ලෙස මානසික කම්පනයට පත්ව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පවා අතහැර ගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
මෙය ආත්ම ආරක්ෂාව සඳහා කළ දෙයක් බව සිවකුමාර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළද, ක්ලීව්ලන්ඩ් මහෙස්ත්‍රාත් ඩෙබොරා වස්‍ටා එය තරයේ ප්‍රතික්ෂේප කළාය.
නිරායුධ අහිංසක පුද්ගලයකුගේ හිසට බෝතලයකින් පහරදීම ආත්ම ආරක්ෂාව ලෙස හැඳින්විය නොහැකි බවත් එය ඉතා පහත් ප්‍රහාරයක් බවත් ඇය සඳහන් කළාය.
කෙසේවෙතත්, අදාළ චෝදනාව සඳහා ලබාදිය හැකි උපරිම සිරදඬුවම මාස 12ක් වන බැවින් තමාට නීතිමය සීමාවන් පවතින බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය, ඔහුට මාස 8ක සිරදඬුවමක් නියම කළාය.
ඒ අනුව, දැනටමත් දින 89ක කාලයක් බන්ධනාගාරගතව සිට ඇති සිවකුමාර්ට අධීක්ෂණය සහිත පරීක්ෂණ ඇප (Parole) හිමිව තිබේ.
පසුගිය වසරේදී ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති මොහු මෙල්බර්න් සිට බ්‍රිස්බේන් වෙත පැමිණ ඇත්තේ රැකියාවක් සොයා ගැනීම සඳහා වන අතර, සිද්ධිය වන අවස්ථාවේ ඔහු ස්ථිර නිවසක් නොමැතිව රැකියා විරහිතව සිට ඇති බවද අධිකරණයේදී වැඩිදුරටත් අනාවරණය විය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart