February 23, 2026

පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේදී රියැදුරු ඝාතනය කර, ත්‍රිරෝද රථයක් රැගෙන පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ 16 හැවිරිදි රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු, ත්‍රී රෝද රථයේ කුලී ගමනක් ගොස්, රියැදුරු ඝාතනය සිදුකර ත්‍රීරෝද රථය හා මුදල් රැගෙන පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ, ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක, තියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කර තිබු ත්‍රිරෝද රථ රියදුරුගේ මළසිරුර සොයාගෙන ඇති බවයි.

72 හැවිරිදි රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස ඝාතනයට ලක්ව තිබේ.