
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආහාර ගැනීමට පැමිණ බිල්පත් ගෙවීම ප්‍රතික්ෂේප කරන ඕනෑම පුද්ගලයෙක්ට උණු වතුරෙන්, අපද්‍රව්‍ය ජලයෙන් හෝ ෆ්‍රයිඩ් රයිස් සාදන තාච්චියෙන් පහර දෙන ලෙස සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇත.
ආහාර ගැනීමෙන් පසු බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට උපරිම දඬුවම් ලබා දෙන ලෙස ද ඔහු එහිදී ඉල්ලා තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා විසින් පසුගියදා ආපන ශාලාවක කාර්ය මණ්ඩලය සමඟ ගැටුමක පැටලීමේ සිද්ධිය හෙළා දකිමින් බව සභාපතිවරයා සඳහන් කර ඇත.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පවසා තිබේ.
“සමහර රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ නිලධාරීන් සහ දේශපාලනඥයන් මුදල් නොගෙවා ආහාර ලබා ගන්න එනවා. ඒ නිසා අපි හෝටල් හිමියන්ට කියන්නේ කවුරුහරි ඇවිත් නිකන් කන්න හැදුවොත් එවැනි පුද්ගලයන්ට උණු වතුර, අපද්‍රව්‍ය ජලයෙන් පහර දෙන්න කියලා. නැත්නම් ඔවුන්ගේ මුහුණු සමතලා කිරීම සඳහා ෆ්‍රයිඩ් රයිස් සාදන තාච්චියෙන් කෙලින්ම පහර දෙන්න. කාටවත් නිකන් කන්න දෙන්න එපා. හෝටල් හිමියන් බොහොම අමාරුවෙන් තමයි කෑම හදන්නේ. මිනිස්සු හිතන්නේ අපි අනේපිඬු සිටුවරු කියලද. ඒ නිසා දෙන්න තියන හොඳම පෝරියල් එක දෙන්න කියල මම හෝටල් හිමියන්ගෙන් ඉල්ලනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart