
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් කවීන් ජයසේකර බම්බලපිටිය ලෙයාර්ඩ් මාවතේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල සිය පෙම්වතිය සමඟ මෝටර් රථයේ සිට කතාබහක නියැලී සිටියදී පුද්ගලයෙක් පැමිණ පිහියක් පෙන්වා බිය ගන්වමින් රුපියල් 163,000ක් වටිනා මුදල් සහ සුදු රත්‍රන් මාලයක් කොල්ලකා ඇත.
ඔවුන් මෝටර් රථයේ සිටියදී පැමිණි පුද්ගලයෙක් අතපාමින් මුදල් ඉල්ලා ඇති බවත්, තමා සතුව මුදල් නොමැති බව කවීන් ජයසේකර පැවසූ අවස්ථාවේදී කොල්ලකරු විසින් ඉනෙහි සඟවාගෙන සිටි පිහියක් රැගෙන එය දිගුකොට මෝටර් රථයේ ඩෑෂ් බෝඩය මත තිබූ මුදල් කොල්ලකා තිබේ.
ඒ අවස්ථාවේදී කොල්ලකරු මෝටර් රථයේ තිබූ බෑගයක් කොල්ල කෑමට උත්සහ දරා ඇති අතර, එහිදී එහි තිබූ සුදු රත්‍රන් මාලයක් පිටතට විසිවී ඇති බවත්, අනතුරුව ඔහු එය ද රැගෙන පලාගොස් ඇති බවත් පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart