
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමේදී සයිනයිටඩ් කුප්පියක් සොයාගැනීමට හැකිව තිබේ.
‘කුඩු සලිඳු’ගේ නම් මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු වන තරිඳු මධුසංක නැමැත්තා සතුව තිබී මෙම සයිනයි සොයාගත් බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
‘කොමාන්ඩෝ කවිෂ්ක කුමාර’ නැමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සයිනයි බන්ධනාගාරය තුළට ගෙනවිත් ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයිනයිඩ්, පරීක්ෂා කිරීමට මෙම පිරිස කටුස්සෙක් අල්ලාගෙන ඌට එන්නත් කර ඇති අතර, එම ස්ථානයේදීම කටුස්සා මියගොස් ඇති බව අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart